දැක්ම
මඟ සුරක්ෂිත සමාජයක්
මෙහෙවර
මාර්ග අනතුරුවලින් තොර සමාජයක් බිහිකිරීම.
1998 අංක 5 දරණ මෝටර් වාහන සංශෝධන පනත මඟින් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ක්‍රියාත්මකවේ. සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගෙන්ද හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 ක නියෝජිත කණ්ඩායමකින් සමන්විතවේ.
සංවර්ධනය වෙමින් පවතින රටක යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර දූෂණය වැළැක්වීම, පරිසර සංරක්ෂණය, රථවාහන හා රථවාහන පාලනය මෙන්ම මෝටර් රථ වලින් සිදුවන අනතුරු අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව ද අවධානයට ලක්කල යුතු ප්‍රධාන කරුණකි. මෙහිදී මහා මාර්ග හා මාර්ග සංවර්ධනය තුලින් සංවර්ධනය ඉලක්ක ජය ගැනීමේදී නම් මෝටර් රථ මඟින් ඇති වන අනතුරු අවම කිරීම, මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම වැනි අංශ පිළිබඳව අවධානය යොමු කල යුතුය.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2011-2020 කාලය මාර්ග ආරක්ෂණ දශකය ලෙස නම්කර ඇති අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2011 මැයි මස 11 වන දින මාර්ග ආරක්ෂණ ජාතික සමුළුව පවත්වමින් 2011-2020 කාලය මාර්ග ආරක්ෂණ දශකය ලෙස නම් කරන ලදි. මෙහිදී මාර්ග ආරක්ෂාව පිළිබඳ දස වසරක සැලැස්මක් සකස්කර එය දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇත.
මෝටර්රථ වාහන පනතේ 213 "අ" වගන්තියෙන් මෙම සභාවේ කාර්ය භාරය දක්වා ඇති අතර, 213 "ආ" වගන්තිය මඟින් “මාර්ග ආරක්ෂණ අරමුදල” පිහිටුවා ඇත. මෙම අරමුදල සඳහා රක්ෂණ සමාගම් තම තෙවන පාර්ශවීය රක්ෂණයෙන් 1 % ක මුදලකින් දායක වේ.