Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • සිංහල
  • NRSC
  • Home
  • About Us
  • Services
  • Downloads
  • Media
    • News & Events
    • Photo Gallery
    • Video Gallery
  • Programmes
  • FAQ's
  • Contact us
    • Inquire
    • Contact Details
  • Sitemap
  • E - Library
  • දත්ත ගබඩාව

  • You are here:  
  • Home
  • Media
  • News & Events

පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම

 

පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් 2024.03.18 දින ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
පොත් 04 කින් යුත් මාර්ගෝපදේශයන්හි සංශෝධනය විය යුතු ස්ථාන ඇත්නම් ඒ පිළිබඳව,මාර්ගෝපදේශ පොත් මුද්‍රණය කිරීම සම්බන්ධව පදක්කම් හා සහතිකපත් සකස් කිරීම සම්බන්ධව,දැනුවත් කිරීම් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සම්බන්ධව,නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ උත්සවයක් පැවැත්වීම සම්බන්ධව,පාසල් මාර්ග ආරක්ෂණ සංසද වැඩසටහන අප්‍රේල් මස පළමු සතියේ සිට දීප ව්‍යාප්තව පාසල් තුළ ආරම්භ කිරීමට යන කරුණු එහිදි සාකච්ඡාවට භාජනය විය.මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති විශ්‍රාමික පොලිස් අධිකාරි අජිත් ගුණරත්න මහතා ඇතුළු මේ හා සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින්,ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරින් හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරින්ද මිට සහභාගි විය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ සංකල්ප විද්‍යා හා ගණිත විෂය ක්ෂේත්‍රයන්ට ඇතුලත් කිරීම සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් පවත්වන දෙදින වැඩමුළුව - 2023.10.10 / 11

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ක්‍රියාකාරී සැලැස්මෙහි ක්‍රියාකාරකම් 17 යටතේ දක්වා ඇති “අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් ව පාසල් සිසුන් වෙත මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගැනීම” යටතේ සිදු කිරීමට නියමිත, 6-11 ශ්‍රේණින්ට අයත් විද්‍යා හා ගණිත විෂය නිර්දේශයට, ගුරු අත්පොතට හා පෙළ පොතට මාර්ග අනතුරු සඳහා පසුබිම් වන සෛද්ධාන්තික දැනුම ඇතුලත් කිරීමට සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් 2023.10.10 හා 11 යන දෙදින වැඩමුළුවක් බත්තරමුල්ල ඉදිකිරිම් යන්ත්‍රපෝකරණ පුහුණු ආයතනය තුල පැවැත්වීමට සිදු කරන ලදි.

The road safety awareness program held in conjunction with the World Children's Day

The road safety awareness program held in conjunction with the World Children's Day was held at the Road Safety Unit established in Viharamaha Devi Park on 01 October 2023 and the Hon'ble Minister of Transport, Highways and Mass Media Dr. Bandula Gunawardena and the Hon'ble Minister of State for Transport Lasantha were the chief guests. It was done with the cooperation of Mr. Alagiyawanna. For this, 100 1st and 2nd grade students studying in Nikahatikanda Junior College, Yatawara Junior College, Bopagama Junior College, Ratambale Junior College, several teachers and parents were also involved. Also, a group of government officials including Mr. Malith Jayathilaka, Chairman of the National Road Safety Council, Mr. Indika Hapugoda, Deputy Inspector General of Police (Traffic and Road Safety), and Director Engineer (Colombo Mahanagara Sabha) Mr. PH Chandapala participated in this event.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව

RoadSaferty Media

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව 2023.09.27 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදි.මේ සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගි වුයේ ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා වන අතර මෙහිදි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මාධ්‍යවේදීන් රුසකගේ සහභාගිත්වයෙන් පෙ.ව 9.00 ට ආරම්භ කෙරිනි. මෙහි මුල්ම දේශනය පැවත්වුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයේ සමාජීක හා පේරාදේනි විශ්ව විද්‍යාල මහාචාර්ය සමත් ධර්මරත්න මහතා විසිනි. මෙම දේශනය තුලදි “සීඝ්‍රයෙන් ඉහළ යන මාර්ග අනතුරු” පිළිබඳව මාධ්‍යවේදී හිතවතුන් දැනුවත් කිරිම සිදු වුනි. ඉන් පසු අනෙකුත් සම්පත්දායක මහත්වරුන් පිළිවලින් “සුරක්ෂිත මාර්ග පද්ධතියක් උදෙසා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යභාරය ” පිළිබඳ දේශනය නියෝජ්‍ය අධ්‍යක්ෂ(යටිතල පහසුකම් සංවර්ධන හා මාර්ග ආරක්ෂා කළමනාකරණය)මාර්ග සංවර්ධන අධිකාරිය කේ.චන්ද්‍රකුමාර මහතා විසින්ද, “රථවාහන නීතියේ මෑතකාළීන සංශෝධන හා ඉදිරි නෛතික ක්‍රියාමාර්ග” පිළිබඳ දේශනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිතී නිලධාරි කේ.අයි.යෝගචන්ද්‍ර මහතා විසින්ද, “පසු අනතුරු කළමනාකරණය” පිළිබඳ දේශනය - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා විසින්ද, “මාර්ග අනතුරු නිවාරණ හා දත්ත විශ්ලේෂණය” පිළිබඳ දේශනය රථවාහන පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.කේ.ඒ.ඉන්දික හපුගොඩ මහතා විසින්ද සිදු කරන ලදි.අවසානයේදි ඉදිරියේදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කිරිමට නියමිත වැඩසටහන් පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා,මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සිදුවුනි.

මාරක රිය අනතුරු සිදු වන රිලාවල මංසන්ධිය

හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරු බහුල ස්ථානයක් ලෙස හඳුනා ගෙන ඇති රිලාවල මංසන්ධියේ අනතුරු අවම කිරීම සඳහා වන දැනුවත් කිරීමේ පුවරු, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මූලිකත්වයෙන් ස්ථාපිත කිරීමට කටයුතු සිදු කර ඇත. 

1

  1. පාසල් ළමුන් දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන
  2. මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය
  3. රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන
  4. ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වනු ලැබු පාසල් පොස්ටර් චිත්‍ර තරඟය

Page 1 of 2

  • Start
  • Prev
  • 1
  • 2
  • Next
  • End
FaLang translation system by Faboba

Database on
Road Accidents

Enter

Public Opinions

Enter

Snippets on Road Safety

National Council for Road Safety,
No 01, D.R. Wijewardene Mawatha,
Colombo 10,
Sri Lanka.
Phone : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
Fax : +94 112 680 163 
E-mail : ncrstransport@gmail.com
Copyright © 2025 National Council for Road Safety. All Rights Reserved.
Design and Developed by Procons Infotech

gic en

2024-11-21
Last Modified