Logo

Increase size
Reset to Default
Decrease size
  • සිංහල
  • English
  • NRSC
  • முகப்பு
  • எம்மைப்பற்றி
  • சேவைகள்
  • தரவிறக்கம்
  • கேலரி
    • செய்தி மற்றும் நிகழ்வுகள்
    • புகைப்பட கேலரி
    • வீடியோ கேலரி
  • நிகழ்ச்சித்திட்டங்கள்
  • வினா விடை
  • தொடர்புகளுக்கு
    • விசாரணை
    • தொடர்பு விபரங்கள்
  • தள வரைபடம்
  • E - Library
  • දත්ත ගබඩාව

  • இருக்குமிடம்:  
  • முகப்பு
  • கேலரி
  • செய்தி மற்றும் நிகழ்வுகள்

පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම

 

පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් 2024.03.18 දින ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
පොත් 04 කින් යුත් මාර්ගෝපදේශයන්හි සංශෝධනය විය යුතු ස්ථාන ඇත්නම් ඒ පිළිබඳව,මාර්ගෝපදේශ පොත් මුද්‍රණය කිරීම සම්බන්ධව පදක්කම් හා සහතිකපත් සකස් කිරීම සම්බන්ධව,දැනුවත් කිරීම් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සම්බන්ධව,නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ උත්සවයක් පැවැත්වීම සම්බන්ධව,පාසල් මාර්ග ආරක්ෂණ සංසද වැඩසටහන අප්‍රේල් මස පළමු සතියේ සිට දීප ව්‍යාප්තව පාසල් තුළ ආරම්භ කිරීමට යන කරුණු එහිදි සාකච්ඡාවට භාජනය විය.මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති විශ්‍රාමික පොලිස් අධිකාරි අජිත් ගුණරත්න මහතා ඇතුළු මේ හා සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින්,ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරින් හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරින්ද මිට සහභාගි විය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ සංකල්ප විද්‍යා හා ගණිත විෂය ක්ෂේත්‍රයන්ට ඇතුලත් කිරීම සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් පවත්වන දෙදින වැඩමුළුව - 2023.10.10 / 11

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ක්‍රියාකාරී සැලැස්මෙහි ක්‍රියාකාරකම් 17 යටතේ දක්වා ඇති “අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් ව පාසල් සිසුන් වෙත මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගැනීම” යටතේ සිදු කිරීමට නියමිත, 6-11 ශ්‍රේණින්ට අයත් විද්‍යා හා ගණිත විෂය නිර්දේශයට, ගුරු අත්පොතට හා පෙළ පොතට මාර්ග අනතුරු සඳහා පසුබිම් වන සෛද්ධාන්තික දැනුම ඇතුලත් කිරීමට සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් 2023.10.10 හා 11 යන දෙදින වැඩමුළුවක් බත්තරමුල්ල ඉදිකිරිම් යන්ත්‍රපෝකරණ පුහුණු ආයතනය තුල පැවැත්වීමට සිදු කරන ලදි.

ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.

RoadSaferty for Children
ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන විහාරමහා දේවී උද්‍යානයේ ස්ථාපිත මාර්ග ආරක්ෂණ ඒකකයේදි, 2023 ඔක්තෝම්බර් මස 01 දින පැවැත් වු අතර මේ සඳහා ප්‍රධාන ආරධිත අමුත්තන් ලෙස ගරු ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්යබන්දුල ගුණවර්ධන මැතිතුමාගේ හා ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සහාභගිත්වයෙන් සිදු විය.මේ සඳහා නිකහැටිකන්ද කණිෂ්ඨ විද්‍යාලය, යටවර කණිෂ්ඨ විද්‍යාලය,බෝපාගම කණිෂ්ඨ විද්‍යාලය, රතඹලේ කණිෂ්ඨ විද්‍යාලය යන පාසල් තුල ඉගෙනුම ලබන 1 හා 2 ශ්‍රේණි සිසුන් 100ක්, ගුරුවරු කිහිපදෙනෙක් හා දෙමාපියන්ද සම්බන්ධ වුනි. එමෙන්ම මෙම අවස්ථාව සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා,නියෝජ්‍ය පොලිස්පති ( රථවාහන හා මාර්ග ආරක්ෂාව) ඉන්දික හපුගොඩ මහතාද,අධ්‍යක්ෂ ඉංජීනේරු(කොළඹ මහා නඟර සභාව) පී.එච්. චන්දපාල මහතාද ඇතුළුව රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව

RoadSaferty Media

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව 2023.09.27 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදි.මේ සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගි වුයේ ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා වන අතර මෙහිදි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මාධ්‍යවේදීන් රුසකගේ සහභාගිත්වයෙන් පෙ.ව 9.00 ට ආරම්භ කෙරිනි. මෙහි මුල්ම දේශනය පැවත්වුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයේ සමාජීක හා පේරාදේනි විශ්ව විද්‍යාල මහාචාර්ය සමත් ධර්මරත්න මහතා විසිනි. මෙම දේශනය තුලදි “සීඝ්‍රයෙන් ඉහළ යන මාර්ග අනතුරු” පිළිබඳව මාධ්‍යවේදී හිතවතුන් දැනුවත් කිරිම සිදු වුනි. ඉන් පසු අනෙකුත් සම්පත්දායක මහත්වරුන් පිළිවලින් “සුරක්ෂිත මාර්ග පද්ධතියක් උදෙසා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යභාරය ” පිළිබඳ දේශනය නියෝජ්‍ය අධ්‍යක්ෂ(යටිතල පහසුකම් සංවර්ධන හා මාර්ග ආරක්ෂා කළමනාකරණය)මාර්ග සංවර්ධන අධිකාරිය කේ.චන්ද්‍රකුමාර මහතා විසින්ද, “රථවාහන නීතියේ මෑතකාළීන සංශෝධන හා ඉදිරි නෛතික ක්‍රියාමාර්ග” පිළිබඳ දේශනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිතී නිලධාරි කේ.අයි.යෝගචන්ද්‍ර මහතා විසින්ද, “පසු අනතුරු කළමනාකරණය” පිළිබඳ දේශනය - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා විසින්ද, “මාර්ග අනතුරු නිවාරණ හා දත්ත විශ්ලේෂණය” පිළිබඳ දේශනය රථවාහන පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.කේ.ඒ.ඉන්දික හපුගොඩ මහතා විසින්ද සිදු කරන ලදි.අවසානයේදි ඉදිරියේදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කිරිමට නියමිත වැඩසටහන් පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා,මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සිදුවුනි.

මාරක රිය අනතුරු සිදු වන රිලාවල මංසන්ධිය

හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරු බහුල ස්ථානයක් ලෙස හඳුනා ගෙන ඇති රිලාවල මංසන්ධියේ අනතුරු අවම කිරීම සඳහා වන දැනුවත් කිරීමේ පුවරු, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මූලිකත්වයෙන් ස්ථාපිත කිරීමට කටයුතු සිදු කර ඇත. 

1

  1. පාසල් ළමුන් දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන
  2. මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය
  3. රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන
  4. ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වනු ලැබු පාසල් පොස්ටර් චිත්‍ර තරඟය

பக்கம் 1 / 2

  • முதல்
  • முந்தைய
  • 1
  • 2
  • அடுத்த
  • கடைசி
FaLang translation system by Faboba

வாகன விபத்து
தகவல் முறைமை

பிரவேசிக்கவும்

பொதுமக்கள் கருத்துக்கள்

பிரவேசிக்கவும்

வீதிப்பாதுகாப்பு தொடர்பான
தகவல்கள் ஒரு துளி

வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை,
இல 01, டி.ஆர் விஜேவர்தன மாவத்தை,
கொழும்பு 10,
இலங்கை.

 

தொலைபேசி : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
தொலைநகல் : +94 112 680 163
மின்னஞ்சல் : ncrstransport@gmail.com
பதிப்புரிமை © 2016 வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை. அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி செய்யப்பட்டது Procons Infotech.

gic ta

2024-11-21
இறுதியாகத் திருத்தப்பட்டது