Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • NRSC
  • මුල් පිටුව
  • අප ගැන
  • සේවාවන්
  • බාගතකිරීම්
  • මාධ්‍ය
    • පුවත් සහ සිදුවීම්
    • සේයා රූ ගැලරිය
    • සල රූ ගැලරිය
  • වැඩසටහන්
  • පැණ විසදුම්
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • E - Library
  • දත්ත ගබඩාව

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • දත්ත ගබඩාව
  • Uncategorised

විමසීම් විස්තර

නම සහ තනතුර දුරකථන ෆැක්ස් විද්‍යුත් තැපෑල

එච්.ආර්.ඩී.කේ. ජයරත්න මහත්මිය

සභාපති

 +94 11 31 68 501  +94 112680163 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
සුගත් රත්නවීර මහතා
ලේකම්
+94 112 696 890 +94 112 680 163 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

ආර්.එල්. මොලගොඩ මහතා

අධ්‍යක්ෂ

+94 112 696 890 +94 112 680 163 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

හැඳින්වීම

දැක්ම

සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක්

මෙහෙවර

තිරසාර සංවර්ධනය උදෙසා මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරීම.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව 1998 අංක 5 දරන මෝටර් වාහන (සංශෝධන) පනතේ 213 (අ) වගන්තිය සහ 213 (ආ) වන වගන්ති මගින් ස්ථාපිත කර ඇත. ඒ අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළුව රාජ්‍ය ආයතන 16 ක සහ රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයෙකු ඇතුළු නියෝජිතයින් 17කින් සමන්විත ආයතනයකි.

  • ප්‍රවාහන අමාත්‍යාංශය
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
  • මහා මාර්ග අමාත්‍යාංශය
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
  • ශ්‍රී ලංකා පොලීසිය
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
  • අධ්‍යාපන අමාත්‍යාංශය
  • මොරටුව විශ්ව විද්‍යාලය
  • මුදල් අමාත්‍යාංශය
  • කොළඹ නගර සභාව
  • පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
  • නාගරික සංර්වධන අධිකාරිය
  • ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය
  • මාර්ග සංවර්ධන අධිකාරිය
  • අනතුරු වැළැක්වීමේ ලංකා සංගමය
  • ජාතික ගමනාගමන කොමිෂන් සභාව
 

මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා මාර්ග ආරක්ෂණ අරමුදල අදාල පනත මගින් ස්ථාපිත කර ඇති අතර එම අරමුදල පෝෂණය වන්නේ ශ්‍රී ලංකාව තුල රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් නියාමනය වන රක්ෂණ ආයතනයක් රථවාහන රක්ෂණය කිරීමේදී එහි තුන් වන පාර්ශවීය රක්ෂණ දායකත්වයෙන් 2%ක් වූ ප්‍රදානයකින් වේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කර්තව්‍යයන්  2005.01.01 දින අති විශේෂ ගැසට් පත්‍රයෙන් 1998 අංක 5 දරන මෝටර් වාහන පනතට ගෙන එන ලද සංශෝධනයේ දක්වා ඇත. ඒවා පහත දක්වා ඇත.

  • මාර්ග අනතුරු සිදු කර නොනවත්වා පලා යන වාහන හඳුනාගත නොහැකි බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම වාහන අනතුරු වලට ගොදුරු ව මිය ගිය හෝ අබාධිත තත්වයට පත් පුද්ගලයන්ට සභාව මගින් අනුමැතිය ලබා දී ඇති ආකාරයට මූල්‍ය සහන ප්‍රදානය කිරීම.
  • රථ වාහන ප්‍රමාණය සහ ඒවායේ ලක්ෂණ සහ සංයුතිය, මාර්ග අනතුරු, මාර්ග ආරක්ෂාව පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන, පිළිබඳ පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
  • මාර්ග ආරක්ෂාව විෂය පිළිබඳ පුස්තකාලයක් පවත්වාගෙන යාම;
  • සම්බන්ධිත විෂයයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම, පර්යේෂණ පැවැත්වීම සහ ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම
  • සම්බන්ධිත විෂයයන් පිළිබඳ පර්යේෂණ වලට ආධාර කිරීම
  • සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සබඳතා පැවැත්වීම සහ පළපුරුදු පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම
  • මාර්ග ආරක්ෂාව සහ සම්බන්ධිත විෂයානුබද්ධ ව්‍යාපෘති කෙරෙහි වගකීම දරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන අදාළ ආයතන වලට දැනුම සහ තොරතුරු ලබා දීම:
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාවට නැඟීම
  • රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරීම:
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු සඳහා මුල්‍යමය හා වෙනත් සහාය ලබා ගැනීම
  • මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත ප්‍රතිපත්තීන් සහ ව්‍යාපෘති පිළිබඳව රජයට උපදෙස් දීම

ඉහත දක්වා ඇති කර්තව්‍යයන් සිදු කිරීම සඳහා මෙම අරමුදලෙහි තැම්පත් වන මුදල් ප්‍රයෝජනයට ගැනීම සිදු කරනු ලබයි.

 

සල රූ ගැලරිය



පැණ විසදුම්

  • මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අයත් අමාත්‍යාංශය කුමක්ද?
  • ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
  • දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන ප්‍රමාණය කොපමණද?
  • ලංකාව තුල දිනකට සිදුවන මාර්ග රිය අනතුරු වලින් මිය යන ප්‍රමාණය දළ වශයෙන් සඳහන් කරන්න.
  • මාරක රිය අනතුරු වලට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ග ආරක්ෂාව විෂය සම්බන්ධයෙන් වගකීම පවරා ඇති ආයතනයේ නම  කුමක්ද?
  • ලෝකයේ මාර්ග රිය අනතුරු හේතුවෙන් වසරක දි මිය යන ප්‍රමාණය කොපමණද?
  • මාරක රිය අනතුරු හේතුවෙන් ලෝකයේ දිනකට මිය යන ළමුන් ප්‍රමාණය කොපමණද?
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ග ආරක්ෂණ දශකයක් නම් කර ඇත, එම දශකය සඳහන් කරන්න.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර හා දේශීය සංඛ්‍යා ලේඛන

01. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය වෙත පහත සැබැඳිය හරහා ප්‍රවේශ වීම මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර හා දේශීය සංඛ්‍යා ලේඛනයන් ලබා ගැනීම සිදු කර ගත හැක.

WHO Web site

02. මාර්ග ආරක්ෂාව පිළිබඳ ගෝලීය තත්ව වාර්තාව 2018
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ දක්වා ඇති “මාර්ග ආරක්ෂාව පිළිබඳ ගෝලීය තත්ව වාර්තාව - 2018” වෙත පහත සැබැඳිය හරහා ප්‍රවේශ වී බාගත කර ගැනීම සිදුකර ගත හැක.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ගෝලීය තත්ව වාර්තාව 2018

03. යාවත්කාලීන දක්ත නිරුපනය: මාර්ග රිය අනතුරු මරණයන්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පවත්වාගෙන යන ලෝකයේ සිදුවන මාර්ග රිය අනතුරු මරණයන් (Death on the roads) පිළිබඳ යාවත්කාලීන දක්ත නිරුපනයන් (Data visualization) වෙත පහත සැබැඳිය හරහා ප්‍රවේශ විය හැක.

Data visualization: Death on the roads

04. WHO GRSInfo : මාර්ග ආරක්ෂාව පිළිබඳ යෙදවුම

WHO GRSInfo යෙදවුම හරහා 2018 දෙසැම්බර් මාසයේදී WHO විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ ගෝලීය තත්ව වාර්තාවේ 2018 දත්ත ගවේෂණය කිරීමට සහ අන්තර්ක්‍රියා කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසයි.
මෙම යෙදවුම් පහත සැබැදියට ප්‍රවේශ වීම හරහා බාගත කර ගැනීම සිදුකර ගත හැක.

WHO GRSInfo

 

  1. ශ්‍රී ලංකාවේ රථවාහන ප්‍රමාණය හා එවායේ සංයුතිය
  2. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්ය භාරය
  3. රථ වාහන අනතුරු දත්ත
  4. අප ගැන

අනු-ප්‍රවර්ගයන්

Page 1 of 2

  • ආරම්භ කරන්න
  • පෙර
  • 1
  • 2
  • ඊළඟ
  • අවසානය
FaLang translation system by Faboba
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව,
අංක 01, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

 

දුරකථන : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
ෆැක්ස්     : +94 112 680 163 
ඊ මේල්   : ncrstransport@gmail.com
කතුහිමිකම © 2025 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

2024-11-21
යාවත්කාලීනය