Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • NRSC
  • මුල් පිටුව
  • අප ගැන
  • සේවාවන්
  • බාගතකිරීම්
  • මාධ්‍ය
    • පුවත් සහ සිදුවීම්
    • සේයා රූ ගැලරිය
    • සල රූ ගැලරිය
  • වැඩසටහන්
  • පැණ විසදුම්
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • E - Library
  • දත්ත ගබඩාව

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • සේවාවන්

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්ය භාරය

  • රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරීම.
  • හඳුනා නොගත් වාහනවලින් අනතුරට පත් තැනැත්තන්ට වන්දි ගෙවීම.
  • මාර්ග ආරක්ෂාව සහ සම්බන්ධිත විෂයානුබද්ධිත ව්‍යාපෘති කෙරෙහි වගකීම දරන රාජ්‍ය නොවන අදාළ ආයතන වලට දැනුම සහ තොරතුරු ලබා දීම.
  • මාර්ග අනතුරු පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
    • රථවාහන ප්‍රමාණය සහ ඒවායේ ලක්ෂණ සංයුතිය.
    • මාර්ග අනතුරු.
    • මාර්ග ආරක්ෂාව පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ ''e'' තාක්ෂණය සහිත පුස්තකාලයක් පවත්වාගෙන යාම.
  • සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සබඳතා පැවැත්වීම සහ පළපුරුදු දැනුම හුවමාරුකර ගැනීම.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරිම සහ ක්‍රියාවට නැගීම.
  • මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත ප්‍රතිපත්තීන් සහ ව්‍යාපෘති පිළිබඳව රජයට උපදෙස්දීම.

 

2021 වර්ෂය තුළ සිදුකෙරෙන ක්‍රියාකාරකම්

  • මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම.
  • රූපවාහිනි හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ කටයුතු.
  • හදුනා නොගත් වාහන වලින් අනතුරට පත් තැනැත්තන්ට මුදල් ප්‍රදානය කිරීම
  • පළාත් මාර්ග ආරක්ෂණ කමිටුවල ඉදිරි කටයුතු.
  • පාසල් සිසුන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික අයතන, ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස්රථ රියදුරන් දැනුවත් කිරිම.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සතියක් නම් කිරීම.
  • දකුණු ආසියානු කලාපීය රටවල රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධානවල සහභාගිත්වයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ අන්තර් ජාතික වැඩමුළුවක් පැවැත්වීම.
  • සෑම පෞද්ගලික කර්මාන්ත ශාලාවක් තුලම ඵලදායිතාවයෙන් හෙබි රියදුරන් බිහි කිරීමේ විද්‍යාත්මක තාක්ෂණික හා නීතිමය දැනුවත් භාවය ලබා දීමේ පුහුණු වැඩසටහන් ආරම්භ කිරිම.
  • සියලුම ලංගම හා පෞද්ගලික බස්රථ රියදුරන් විධිමත් ආකාරයට දැනුවත් කිරිම.
  • පාසල් වෑන්රථ රියදුරන් දැනුවත් කර සේවා අඩුපාඩු හා ගැටළු සොයා ඊට නිසි පිළියම් යෙදිම.
  • ත්‍රීරෝද රථ රියදුරන්ට විධිමත් අයුරින් හා ආකල්පමය වෙනස් කිරිම තුලින් වඩාත් ගුණාත්මක ත්‍රීරෝද රථ සේවාවක් ජනතාවට ලබා දිම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරිම.
  • දැනුවත් කිරීමේ නාම පුවරු හා මාර්ග නීති සංඥා පුවරු සෑම නගරයකම පාහේ ප්‍රදර්ශනය කිරීම.

මඟ සුරැකි සමාජයක් සඳහා අප කළ මෙහෙවර

  • හෙල්මට් ප්‍රමිතිගත කර ආරක්ෂිත තත්ත්වයකට ගෙනඒම.
  • අනාරක්ෂිත ත්‍රී රෝද රථය පියවරින් පියවර ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම.
  • කුඩා මෝටර් රථ වලට පවා වායූ මලු මගින් ආරක්ෂාව ලබාදීම.
  • මගී යහපත සඳහා ත්‍රී රෝද රථයට මීටරයක් අනිවාර්‍ය කිරීම.
  • ත්‍රී රෝද රථයට ආසන පටි සවි කිරීම, ඇතුලත ඇති සියලු යකඩ හා වානේ බට රබර් වලින් ආවරණය කිරීම.
  • දකුණු පස කැනපිය ශක්තිමත් කර වඩා ආරක්ෂාකාරී ලෙස සකස් කරලීම.
  • වැරදි තැන්වල ස්ථාපිත කර තිබූ කහ ඉරි ඉවත් කර නිවැරදි කරලීමට කටයුතු කිරීම.
  • අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්ථිත පුවරු ස්ථාපනය කිරීම.
  • දුම්රිය ස්ථාන වල ජනතාව දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කිරීම.
  • අනතුරු වලට ලක් වු ලංගම රියදුරන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සිදු කිරීම.
  • වාහන මගින් සිදු වන පරිසර දුෂණය අවම කිරීම සඳහා ජනාධිපති කාර්යාලය හා එක්ව කටයුතු කිරීම.
  • ශබ්ද දුෂණය අවම කිරීමේ කාර්යය සඳහා දායකත්වය ලබාදීම.
  • හප්පා පලායන රියදුරන් නිසා වින්දිත භාවයට පත් පුද්ගලයන්ට මුල්‍ය ප්‍රදාන සිදු කිරීම.
  • රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂිත අයදුම්කරුවන් සඳහා නොමිලේ පූර්ව පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • පොදු ප්‍රවාහනයේදි කාන්තා හිංසනය අවම කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • දඩ පනත සංශෝධනය කිරීමට දායකත්වය ලබාදීම.
  • පළාත් මට්ටමින් මාර්ග ආරක්ෂණ ආයතන ස්ථාපිත කිරීම.
  • ජාතික මට්ටමින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නිලධාරීන් දැනුවත් කිරීම.
FaLang translation system by Faboba

රිය අනතුරු
තොරතුරු පද්ධතිය

පිවිසෙන්න

මහජන අදහස්

පිවිසෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ තොරතුරු බිඳක්

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව,
අංක 01, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

 

දුරකථන : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
ෆැක්ස්     : +94 112 680 163 
ඊ මේල්   : ncrstransport@gmail.com
කතුහිමිකම © 2025 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

2024-11-21
යාවත්කාලීනය