ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ. මේ යටතේ යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා වන පර්යේෂණයක් මේ වන විටත් මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලෝෂක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරමින් පවතී.
මීට අමතරව මහමගදී සිදුවන පදික අනතුරු අවම කිරීම සඳහා පර්යේෂණයන් දෙකක් සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී.