Logo

Increase size
Reset to Default
Decrease size
  • සිංහල
  • English
  • NRSC
  • முகப்பு
  • எம்மைப்பற்றி
  • சேவைகள்
  • தரவிறக்கம்
  • கேலரி
    • செய்தி மற்றும் நிகழ்வுகள்
    • புகைப்பட கேலரி
    • வீடியோ கேலரி
  • நிகழ்ச்சித்திட்டங்கள்
  • வினா விடை
  • தொடர்புகளுக்கு
    • விசாரணை
    • தொடர்பு விபரங்கள்
  • தள வரைபடம்
  • E - Library
  • දත්ත ගබඩාව

  • இருக்குமிடம்:  
  • முகப்பு
  • දත්ත ගබඩාව
  • Uncategorised
  • අප ගැන

අප ගැන

හැඳින්වීම

සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගෙන් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 ක නියෝජිත කණ්ඩායමකින් සමන්විත වේ.

දැක්ම

“මග සුරක්ෂිත සමාජයක්”

මෙහෙවර

“මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරීම”

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්යභාරය

  • හඳුනා නොගත් වාහන වලින් අනතුරට පත් තැනැත්තන්ට වන්දි ගෙවීම.
  • මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම.
  • රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක‍්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරීම.
  • මාර්ග ආරක්ෂාව පිළීබඳ කටයුතු සඳහා මුල්‍යමය හා වෙනත් සහය ලබා දීම.
  • මාර්ග ආරක්ෂාව හා ‍සම්බන්ධිත ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳ රජයට උපදෙස් දීම.
  • සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ පළපුරුද්ද පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම.
  • සම්බන්ධිත විෂයයන් පිළිබඳ තොරතුරු රැස්කිරීම, පර්යේෂණ පැවැත්වීම සහ ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම.
  • මාර්ග ආරක්ෂාව විෂයයට අදාල පොත්පත් සහිත පුස්ථකාලයක් පවත්වාගෙන යාම.

ව්‍යවස්ථාව

1998 අංක 5 දරණ මොටර් වාහන සංශෝධන පනත මගින් ප්‍රවාහන අමාත්‍යාංශය ය‍ටතේ මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාව ක්‍රියාත්මක වන අතර 2004 නොවැම්බර් 24 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමජවාදී ජනරජයේ අංක 1368/18 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මාර්ග ආරක්ෂණ අරමුදල පිහිටුවා ඇත.

FaLang translation system by Faboba
வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை,
இல 01, டி.ஆர் விஜேவர்தன மாவத்தை,
கொழும்பு 10,
இலங்கை.

 

தொலைபேசி : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
தொலைநகல் : +94 112 680 163
மின்னஞ்சல் : ncrstransport@gmail.com
பதிப்புரிமை © 2016 வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை. அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி செய்யப்பட்டது Procons Infotech.

gic ta

2024-11-21
இறுதியாகத் திருத்தப்பட்டது