Logo

Increase size
Reset to Default
Decrease size
  • සිංහල
  • English
  • NRSC
  • முகப்பு
  • எம்மைப்பற்றி
  • சேவைகள்
  • தரவிறக்கம்
  • கேலரி
    • செய்தி மற்றும் நிகழ்வுகள்
    • புகைப்பட கேலரி
    • வீடியோ கேலரி
  • நிகழ்ச்சித்திட்டங்கள்
  • வினா விடை
  • தொடர்புகளுக்கு
    • விசாரணை
    • தொடர்பு விபரங்கள்
  • தள வரைபடம்
  • E - Library
  • දත්ත ගබඩාව

  • இருக்குமிடம்:  
  • முகப்பு
  • கேலரி
  • செய்தி மற்றும் நிகழ்வுகள்

පාසල් ළමුන් දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන

පාසල් මාර්ග ආරක්ෂණ කලාප වැඩසටහන යටතේ මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන 2023.01.19 වන දින හේනේගම මධ්‍ය විද්‍යාලයේදී ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිතුමා, විදුහල්පතිතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.WhatsApp Image 2023 02 16 at 11.44.16 AM

මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය

රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ ජාතික සතියට අදාලව මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇති මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කකයේදි පැවැත්වින.

කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කරන ලද අතර, එහිදී පාසල් සිසුන් දැනුවත් කිරීම හා එම මාර්ග ආරක්ෂා ඒකකය වෙත පාපැදි ලබාදීමේ අවස්ථාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම උද්‍යානයේ මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් කොළඹ නගර සීමාව තුළ පමණක් නොව දිවයින පුරාම ඇති පාසල් දරුවන් සඳහා මෙම ඒකකයේ මාර්ග නීති රීති පිළිබඳ ප්‍රායෝගික පුහුණුවට සහභාගී විය හැකිය. එක් කණ්ඩායමක් සඳහා පුහුණු කාලය පැය දෙකකි. පුහුණු කාලයෙන් පසුව සහතික පත්‍රයක් එම ප්‍රායෝගික පුහුණුව අවසන් කළ සිසු දරුවන්ට පිරිනැමේ. එමෙන්ම කොළඹ නගරයේ අධ්‍යාපන චාරිකා වල නියැලෙන පිට පළාත්වල පාසල් දරුවන් හට ද මෙම මාර්ග ආරක්ෂණ ඒකකයේ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී විය හැක. මේ සඳහා කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලබා ගත යුතු වේ.
මෙම අවස්ථාවට එක් වූ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කියා සිටියේ මාර්ග නීති රීති පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතාමත්ම කාලෝචිත ක්‍රියාවක් බවත් මාර්ග අනතුරු අවම කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බවත්ය.
මෙම අවස්ථාවට, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස්, නියෝජ්ය පොලිස්පති (රථ වාහන) ඉන්දික හපුගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.

 2

ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වනු ලැබු පාසල් පොස්ටර් චිත්‍ර තරඟය

රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ ජාතික සතියට අදාළව " මාර්ග ආරක්ෂාව තහවුරු කිරිම හා රිය අනතුරු අවම කිරිම" යන තේමාව යටතේ පවත්වනු ලැබු පාසල් පොස්ටර් චිත්‍ර තරඟයේ ජයග්‍රහනය කරන ලද චිත්‍ර සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ලබාදීමේ වැඩසටහන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථයේදී 2022.11.21 වන දින පැවැත්විණ.

 6

රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන

රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2022.11.25 දින මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු කරන ලදි.

5

පාසල් මාර්ග ආරක්ෂණ කලාප වැඩසටහන

පාසල් මාර්ග ආරක්ෂණ කලාප වැඩසටහන යටතේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා ගේ උපදෙස් පරිදි මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන 2022.11.03 වන දින ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ දී ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිතුමා, විදුහල්පතිතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

3

பக்கம் 2 / 2

  • முதல்
  • முந்தைய
  • 1
  • 2
  • அடுத்த
  • கடைசி
FaLang translation system by Faboba

வாகன விபத்து
தகவல் முறைமை

பிரவேசிக்கவும்

பொதுமக்கள் கருத்துக்கள்

பிரவேசிக்கவும்

வீதிப்பாதுகாப்பு தொடர்பான
தகவல்கள் ஒரு துளி

வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை,
இல 01, டி.ஆர் விஜேவர்தன மாவத்தை,
கொழும்பு 10,
இலங்கை.

 

தொலைபேசி : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
தொலைநகல் : +94 112 680 163
மின்னஞ்சல் : ncrstransport@gmail.com
பதிப்புரிமை © 2016 வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை. அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி செய்யப்பட்டது Procons Infotech.

gic ta

2024-11-21
இறுதியாகத் திருத்தப்பட்டது